1940 හා 50 ගණන්වල පශ්චාත් විජිතවාදී යුගය තුළ නව නාට්‍ය කලාවක් බිහි කළ හැකි ආකාරයක් සොයා බැලුණි. ඒ අනුව උනන්දුවක් දැක්වූ එදිරිවීර සරච්චන්ද්‍රයෝ විදේශයන්හි සංචාරය කොට විවිධ නාට්‍ය ක්‍රම පිළිබඳ අවබෝධයක් ලබාගෙන ඒ ඇසුරින් 1956 දී මනමේ නාට්‍යය නිර්මාණය කළහ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්වූ මෙම යුගය තුළම බිහි වූ මනමේ නාටකය ද එම වකවානුවෙහි රට තුළ පැවති සමාජ, ආර්ථික හා දේශපාලන තත්ත්වයන්ට අනුගතව නිර්මාණය වූවක් බව හඳුනාගත හැකිය.
නාට්‍යයක් වශයෙන් සමාජයට මනමේ නාටකය ප්‍රවිශ්ට වීමට මත්තෙන් වීදි නාට්‍ය නිර්මාණය වී පැවතුණි. ගාමිණී හත්තොටුවෙගම යනු එම වීදි නාට්‍ය කලාවේ එක් පුරෝගාමියෙකි. වීදි නාට්‍ය ද නාඩගම් සම්ප්‍රදායෙහිම එක් අවස්ථාවකි. නාඩගම් සම්ප්‍රදාය ඇතිවීමට මුල් වන්නේ ද්‍රවිඩ කතෝලික ආගමික පරිසරයයි. එනම් ද්‍රවිඩ කතෝලික දහමෙහි ව්‍යාප්තිය උදෙසා බිහි වූ මෙම කලාව පසුකාලීන බෞද්ධ කලාවට ද ඉවහල් විය.
මනමේ නාට්‍යය තිරගත වූ අවදියෙහි පැවති දේශපාලන හා සමාජමය වාතාවරණය හේතුවෙන් යටත් විජිත වාදයෙන් ඔලුව උදුම්මවාගෙන සිටි ඉංග්‍රීසීන් අනුකරණය කරන ලද දේශීය ජනයා දේශීය කලාව කෙරෙහි වැඩි නැඹුරුවක් නොදැක්වීය.
දේශීය කලා අංගයක් වූ මනමේ නාටකය මුල් කාලීනව එතරම් අවධානයට පාත්‍ර නොවීය. ඒ අනුව මනමේ නාට්‍ය වැනි සිංහල නාට්‍ය නැරඹීමට උසස් පැලැන්තියේ අයගේ පැමිණීමක් දක්නට නොලැබුණ ද ඔවුනගේ මෙහෙකරුවන් සඳහා උචිත නාට්‍යයක් ගණයට එය යොදාගන්නා ලදී.
නමුත් පසු කාලීනව නාට්‍ය විචාරකයෙකු විසින් රචනා කරන ලද ඉංග්‍රීසි විචාරයක් හේතුවෙන් මනමේ නාට්‍යය නැරඹීමට බොහෝ පිරිසක් නැඹුරු වන්නට විය.
මනමේ නාටකය පළමු වරට පෙන්වූයේ ලයනල් වෙන්ට් කලාගාරයෙහි දීය. එනම් 1956 නොවැම්බර් මාසයේදීය. එතෙක් එම කලාගාරයේදී පෙන්වා තිබුණේ ඉංග්‍රීසි නාට්‍ය පමණී.
නාට්‍ය පිළිබඳ අවධානය යොමු කරන විට සිංහල නාට්‍ය මෙන්ම ද්‍රවිඩ නාට්‍ය ද මෙම වකවනුව වන විට බිහි වෙමින් පැවතිණි. කන්දස්වාමි කනපතිපිල්ලේ යන නාට්‍ය නිර්මාණ ශිල්පියා විසින් ද්‍රවිඩ නාට්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී. ඒ අනුව ද්‍රවිඩ ජනතාවගේ දෘෂ්ඨි කෝණයට අනුව එවකට පැවති සමාජ අවශ්‍යතාවයක් පිළිබඳ විෂය කොට ගනිමින් නාට්‍ය නිර්මාණය කෙරුණි. ඒ අනුව නිර්මාණය කරන ලද නාට්‍යයක් වශයෙන් "The Traitors" යන නාට්‍යය හඳුන්වා දිය හැකිය. දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් ඉල්ලීම් කරන පිරිසකගේ කතාවක් තේමා කොට ගනිමින් කනපතිපිල්ලේ මහතා විසින් නිර්මාණය කරන ලද මෙම ද්‍රවිඩ නාට්‍යය කාලීන අවශ්‍යතාවයක් අරමුණු කොට ගෙන නිර්මාණය කරන ලද්දකි. මනමෙ නාටකය ද එවන්වූ කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් ගොඩනගන ලද නිර්මාණයක් ලෙස හඳුනා ගත හැකිය.
Professor Vidyanandan මනමේ නාට්‍යය නරඹා උද්දාමයට පත් විය. ඔහු එය "Kutthu" නම් නිර්මාණයට සමාන යැයි ද ප්‍රකාශ කරන ලදී.
මනමේ නාටකය සඳහා ආභාස ලබා ඇතැයි සැලකෙන නිර්මාණයන් වන්නේ Rynosuke Akuthagawaගේ "In a Grove" නම් කෙටි කතාවට අනුව නිර්මාණය කරන ලද අකිරා කුරසෝවාගේ "රෂෝමාන්" නාට්‍යය හා ජාතක කතා පොතෙහි එන චුල්ලධනුද්ධර ජාතකයයි.









No comments:
Post a Comment