1931 ජූලි 06 වන දින ගම්පහ බ්‍රැන්ඩියමුල්ලෙහි උපන් මොහු 1947 කොළඹ නාලන්දා විදුහලේ ආචාර්ය වරයෙකු වූ යූ. ඒ. එස්. පෙරේරා විසින් නිශ්පාදනය කොට එම විදුහල් ශාලාවේදී ප්‍රදර්ශනය කරන ලද "හරිශ්චන්ද්‍ර" නාටකයේ රෝහණ කුමාරයාගේ චරිතය රඟ පාමින් පාසල් වියෙහිදී ම නාට්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ විය. ළමා මණ්ඩපය නම් ගුවන් විදුලි වැඩසටහනෙහි සිව්පද ගායනයට ද අවස්ථාව හිමි කර ගත්තේය. පසුව 1951 වර්ෂයේ පදියපැලැල්ල ප්‍රදේශයේ පිහිටි දෙහිපේ ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි උපගුරුවරයෙකු ලෙස සේවය කළ අවදියේ දී එහි ගුරුමණ්ඩලය හා සිසුන් සමඟ "රාමායනය" අනුව සකසන ලද "ජානකී" වේදිකා නාට්‍යයෙන් ඔහුගේ පෞද්ගලික නාට්‍ය දිවිය අරඹන ලදී.
පසුව කොළඹ වැඩ දෙපර්තමේන්තුවේ සේවය කළ අවඩියේදී ටී. බී. ඉලන්ගරත්නයන්ගේ නාට්‍ය රචනාවක් වූ "හඳහන" නට්‍යයේ රඟපෑමෙන් සිය වෘත්තීයමය නාට්‍ය දිවිය ආරම්භ කළ හෙන්රි ජයසේනයෝ 1953 දී උසස් පෙළ සඳහා හදාරා තිබූ පී. බී. ෂෙරිඩන්ගේ "ද රයිවල්ස්" නම් ප්‍රහසන නට්‍යය "මනමාලයෝ" නමින් පරිවර්ථනය කොට බොරැල්ල වයි.එම්.බී.ඒ. ශාලාවේ ප්‍රදර්ශනය කළහ. මීළඟ වර්ෂයේ දී ඔහු ඔස්කා චයිල්ඩ්ගේ "ද වුමන් ඔෆ් නෝ ඉම්පෝටන්ස්" නම් නාටකයේ පරිවර්ථනය වූ "වැදගත්කම" නාටකයත් 1955 දී සම්භාව්‍ය ග්‍රීක නාට්‍යකරුවෙකු වූ ඇරිස්ටෝෆානිස්ගේ "ක්ලවුඩ්ස්" නම් නාට්‍යයේ පරිවර්තනයක් ලෙස "ඇත්ත කුමක්ද?" නාටකයත් කරළියට රැගෙන ඒමට සමත් වූවේය.
මින් අනතුරුව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කීපයකටම රංගනයෙන් දායක විය. 1956 හා1957 යන වර්ෂවලදී මනමේ නාට්‍යයේ මනමේ කුමරුන්ගේ චරිතය රඟපාන ලදී. 1958 වන තුරු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය කණ්ඩායම සමඟ කටයුතු කළ ජයසේනයෝ 1959 දී කොළඹ විශ්වවිද්‍යාල විද්‍යා පීඨ නාට්‍ය සංගමය සමඟ එක්ව සිය පළමු වන ස්වතන්ත්‍ර නිර්මාණය වූ "පව්කාරයෝ" නාට්‍යය වේදිකා ගත කරන ලදී.
1961-1962 -ජනේලය, කුවේණිය
1964 -තවත් උදෑසනක්
1965 -මනරන්ජන වැඩවර්ජන
1968 -අපට පුතේ මඟක් නැතේ
1973 -මකරා
1975 -සරණ සියොත් සේ පුතුනි හඹා
1978 -සිරිසඟබෝ
පරිවර්තන නාට්‍ය
1966 -ඇමෙරිකන් ජාතික ටෙනිස් විලියම්ස්ගේ "ග්ලාස් මෙනාජර්" - "අහස් මාළිගා"
1967 -ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "කොකේසියන් චෝක් සර්කල්" - "හුණුවටයේ කතාව"
1972 -ජර්මන් ජාතික බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ "ද මදර් කරේජ් ඇන්ඩ් හර් චිල්රන්ඩ්" - "දිරිය මව සහ ඇගේ දරුවෝ"

No comments:
Post a Comment